දේශීය පුවත්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව ඊයේ (23 දා) අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී ඇති අතර එහිදී කමිටු සාමාජිකයන් අගමැතිවරයාට පවසා ඇත්තේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුව අගමැතිවරයා හමුවී ඊයේ කළ සාකච්ඡාවේදී අදාළ ගිවිසුමේ මුල් සත්‍ය ලේඛන නිල වශයෙන් කමිටුව වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

රජය විසින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ ලේඛන අධ්‍යයනය කිරීම සඳහා කමිටුව වෙත ලබාගෙන මේ ගැන පුළුල් වශයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදු කිරීමට එම කමිටුව තීරණය කර තිබේ.

මේ ගිවිසුමට අදාළ ලේඛන ඩිජිටල් සහ මුද්‍රිත ස්වරූපයෙන් විවිධ මූලාශ‍්‍රවල ඇතත් ඒවායේ නිරවද්‍යතාවය ගැන විවිධ අදහස් පවතින නිසා මෙලෙස නිල වශයෙන් කමිටුව වෙත නිවැරැුදි හා සත්‍ය ලේඛන ලබාගැනීමට කමිටුව අදහස් කර තිබේ.

කමිටුව ඉල්ලා සිටි ලේඛන නිල වශයෙන් කමිටුව වෙත ලබාදීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී එකඟ වී ඇති අතර ඒ අනුව ලබන සතියේ සිට කමිටුව අදාළ අධ්‍යයනය සිදු කිරීමට ආරම්භ කිරීමට නියමිතය.

එම අධ්‍යයනය අනුව අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ගය ගැන කමිටුව නිර්දේශ කරනු ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ නව කමිටුව පත් කරන ලද්දේ එම්. සී. සී. ගිවිසුම අත්සන් කිරීම තාවකාලිකව අත්හිටුවමිනි.

මේ වන විට රටවල් 38 ක් සමග එම්. සී. සී. ගිවිසුම් අත්සන් කර ඇති අතර එම ගිවිසුම්වල ප‍්‍රගතිය ද මෙහිදී සලකා බැලීමට නියමිත බවද විශේෂයෙන් මැඩගස්කර සහ සුඩාන් යන රටවල් දෙකේ එම්. සී. සී. ගිවිසුම් එම කමිටුව මගින් විශේෂයෙන් සලකා බැලෙනු ඇති බවද වාර්තා වේ.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ආචාර්ය ඞී. එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ නාලක ජයවීර යන මහත්වරුන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More