විදේශ පුවත්

අමෙරිකානු හමුදාවේ නවතම බල ගනය වන අභ්‍යවකාශ බලකාය පිහිටවනු ලැබූ පළමු මොහොතේම චීන මහජන සමූහ ආණ්ඩුව තම අප්‍රසාදය පළ කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ජෙන් ශුන් මහතා ප්‍රකාශ කර සිටියේ “පසු ගිය සතියේ අමෙරිකානු වාර්ෂික අයවැය මගින් අනුමත වූ අභ්‍යවකාශ බලකාය පිහටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන අද වන විට අමෙරිකානු ජනාධිපතිවරයා ඊට අත්සන තැබීම මගින් නිදහස් කිරීමට අවශ්‍ය ඉඩකඩ ලැබී තිබෙනවා.අප මෙය බලවත් ලෙස සැලකිල්ලට ගනු ලබනවා පමණක් නොවෙයි එයට එරෙහි වීමට කිසිදු බියක් දක්වන්නේ නැහැ.” යනුවෙනි.
ජෙන් ශුන් මහතා මහතා වැඩිදුරටත් කරුනු දක්වමින් ප්‍රකාශ කර සිටියේ අමෙරිකානු හමුදාවේ නවතම අංශය මගින් දෙනු ලබන පූර්වාදර්ශය ඉතාම නරක එකක් බවත් එමගින් බාහිර අභ්‍යාවකාශය හමුදාකරණය කිරීමට අමෙරිකාව කටයුතු කරමින් සිටින බවයි.
ජගත් ප්‍රජාව මෙම තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවත් අභ්‍යවකාශය මිලටරිකරණය වීම වැලැක්වීමට පෙරමුණුගත යුතු බවත් ජෙන් ශුන් මහතා අවධාරණය කරණු ලැබීය.
මේ අතර අමෙරිකානු අභ්‍යවකාශ හමුදාව පිහිටුවීමේ සමාරම්භක උත්සවයට සහභාගි වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ “අභ්‍යවකාශය නවතම යුද අඩවියයි.අභ්‍යවකාශයේ අමෙරිකානු අද්විතීයභාවය අතිශය වැදගත් ස්ථානයකට පත්වී තිබෙනවා.”යනුවෙනි.
අමෙරිකානු අභ්‍යවකාශ හමුදාව අමෙරිකානු ගුවන් හමුදාව මගින් අණදෙනු ලබනු අතර මෙම හමුදාවට 16000ක සිවිල් සහ අමෙරිකානු ගුවන් හමුදා නිළධාරින් අනුයුක්ත කරණු ලබන බව වොෂින්ටනය පවසයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More