රාජගිරියේදී හිටපු ඇමැති පාඨලී චම්පික මහතාගේ ජීප් රියේ ගැටී සන්දීප් සම්පත් තරුණයා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම එවකට නුගේගොඩ පළාත් භාරව සිටි පොලිස් අධිකාරිවරයකුගෙන් සහ පොලිස් පරීක්‍ෂකවරයකුගෙන් ඊයේ (23 දා) දීර්ඝ ප‍්‍රකාශයක් ගෙන ඇත.
මෙම අනතුර පිළිබඳව වැලිකඩ පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නියෝගයෙන් එම කාලයේ විශේෂ පොලිස් පරීක්‍ෂණයක් ද පවත්වා ඇතත් මෙම අනතුර පිළිබඳ සැබෑ තත්ත්වය අනාවරණය කර නැති බව පොලිස් අපරාධ කොට්ඨාසයේ ප‍්‍රකාශකයකු පැවසීය.
මේ අනුව එවකට විශේෂ පොලිස් කණ්ඩායම මෙහෙයවූ බව කියන නුගේගොඩ පොලිස් බලප‍්‍රදේශයේ පොලිස් ස්ථානයක සිටි පොලිස් පරීක්‍ෂකවරයාගෙන් ද ප‍්‍රශ්න කර තිබේ.
මේ අනුව මෙම අනතුර පිළිබඳ සැබෑ තත්ත්වය වසන් කිරීමට කි‍්‍රයා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් ද ඉදිරි දින දෙක ඇතුළත ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් අපරාධ කොට්ඨාසය කියයි.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...