දේශීය පුවත්

අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ස්ථාන කිහියක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

අද පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරින් හමු වු ජනාධිපතිවරයා සහන වැඩපිළිවෙළ විමර්ශනය කළේය.

අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ ක්‍රියාවට නංවා තිබේ. ආපදා අවස්ථාවේ දී ලබාදිය යුතු සහන පිළිබඳ මෙන්ම ආපදාව පහව යාමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ඊට අයත්ය. මේ කටයුතුවලදි රජය ඉතා වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නිවාසවලට සිදුව ඇති හානි පිළිබඳ සොයා බලා වහා ක්‍රියාකිරිමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලිමට ද උපදෙස් දෙනු ලැබිණ. විනාශ වී ඇති වැව් අමුණු ප්‍රතිසංස්කරණය සහ මහාමාර්ග හා ඇල මාර්ග ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

වගාවන්ට සිදුව ඇති හානි පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More