දේශීය පුවත්

2006 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් සිදුකළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේ ය.

ඒ අනුව මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශ සටහන් කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණය හමුවේ කළ ඉල්ලීම සඳහන් කර තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නමද අනාවරණ වූ බවය.

ඒ අනුව මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ හිටපු පොලිස්පතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියයේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More