දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නොතීසි නිකුත් කළේය.

රාජකාරි වගකීමෙන් බැහැර වෙමින්, සාපරාධී මනුෂ්‍ය ඝාතන 250ක් සිදුකිරිම සහ ඊට අනුබල දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම ප්‍රකාශ ලබාදෙන්නැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අගමැතිවරයාට නොතීසි නිකුත් කර තිබේ.

නියමිත දිනයන්වලදී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන් දෙදෙනාට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර අනුගමනය කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නියමිත දිනයන්හි දී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා ප්‍රකාශ ලබානොදුන් බව ඊයේ මෙම පැමිණිල්ල යළි අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගයන් කර සිටියේය.

පැමිණිල්ල අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.

සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ගිය අවස්ථාවේ නත්තල් දිනයෙන් පසු එම ප්‍රකාශය ලබාදෙන බව උන්වහන්සේ හිටපු ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ගියද ප්‍රකාශ ලබාදීම සදහා නිශ්චිත දිනයන් ඔවුන් දෙදෙනා ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාද් බදියුදීන් යන දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව කීය.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන,විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සමන් යටවල යන අයගෙන් සහ කැබිනට් මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතාගෙන් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More