දේශීය පුවත්

එළැඹෙන 03 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකා කළ අතර එදින නව මන්ත්‍රීවරයෙක් දිවුරුම්දීමටද නියමිතව තිබේ.

කථානායක ධුරයට හිමි බලතල ප්‍රකාරව ජනවාරී 03 දින සභාව ආරම්භයේදී විපක්ෂ නායක අසුන නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෙන් කිරීමට මේ වන විට කථානායකවරයා විසින් තීරණය කර ඇති බවද පක්ෂ නායක රැස්වීමට දන්වා තිබේ.

එසේම ජනවාරී 03 දිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද තමාවෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස කථානායකවරයා රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More