IS සටන්කාමීන් යළිත් වරක් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව ගොඩනැගෙමින් ඇති බවය.
මීට වසර 02 කට පෙර ඉරාකයේ පැවැති අවසන් බලකොටුවත් IS සටන්කාමීන් වෙත අහිමිවුණා. ඒ, අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් එල්ල කළ සන්නද්ධ ප‍්‍රහාර හමුවේයි. එම ප‍්‍රහාර හේතුවෙන් IS සංවිධානය යම් පසුබෑමකට ලක්වුවත්, ඔවුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිවූයේ නැත.
ඒ අනුව යම් නිහඬතාවක පසුවූ IS සංවිධානය යළිත් ඉරාකය තුළ ප‍්‍රහාර දියත් කරමින් සිටින බවයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ. එසේම මේ වනවිට IS සටන්කරුවන් බොහෝසෙයින් ශක්තිමත් වී ඇති බවත්, ඔවුන් අල්කයිඩා සංවිධානයට වඩා අතිශය භයානය බවත්, ඉරාක බුද්ධි අංශ අනාවරණ කරගෙන ඇත.
IS සංවිධානය මේ වනවිට ආයුධ, තාක්ෂණය, උපාය මාර්ග, රථවාහන හා මූල්‍යමය අතින් ශක්තිමත් වී සිටින බවයි බුද්ධි අංශ වාර්තා වැඩිදුරටත් අනාවරණ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...