ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට නොවැම්බර් මාසය තුළ රුපියල් මිලියන 107 ක අතිකාල දීමනා ගෙවා ඇතැයි වාර්තාවකින් අනාවරණ වී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් මෙම වාර්තාව කැඳවා ඇත්තේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාගෙනි.
එම වාර්තාවට අනුව මෙම අතිකාල ගෙවා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව ක‍්‍රියාත්මක වන ආයතන 27ක සේවය කරන සේවකයින් වෙනුවෙනි.
මීට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුව, ප‍්‍රාදේශිය කාර්යාල සහ කටුනායක, රත්මලාන, මත්තල යන ගුවන් තොටුපොළ ඉන්ධන ගබඩාවල සේවය කරන සේවකයින් සඳහා නොවැම්බර් මාසයේ අතිකාල වශයෙන් රුපියල් මිලියන 80 කට අධික මුදලක් ගෙවා ඇති බව අදාළ වාර්තාව මගින් අනාවරණ වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...