දේශීය පුවත්

රජයේ අමාත්‍යවරුන්ට සහ පළාත් සභා ඇතුළු රාජ්‍ය ආයතනවලට විදේශ ආයෝජකයන් ණය දෙන ආයතන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ තානාපති කාර්යාල සමග ඍජු ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම් තහනම් කෙරෙන චක්‍රලේඛයක් ජනාධිපති කාර්යාලය මගින් නිකුත්කර තිබේ. ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

එවැනි ගිවිසුම්වලට එළඹීමේදී විදේශ කටයුතු , මුදල් යන අමාත්‍යාංශ නීතිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුවේ අවසරය සහිතව නියමිත ක්‍රියාදාමය අනුගමනය කරන ලෙස ද ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇත.

ඕනෑම අමාත්‍යාංශයක හෝ ආයතනයක විෂය පථයට අදාළ සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති සකක් කිරීම මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ සිදුකළ යුතු යැයි ද චක්‍රලේඛයේ සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More