දේශීය පුවත්

වත්මන් රජය විදෙස් බලවේග ඉදිරියේ දණ නොනමන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා වැලිමඩදී පැවැති ජන හමුවකදීය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

‘‘මේ මැතිවරණ ජයේදී අපි විතරක් නෙවෙයි රටත් දිනුවා. අගාධයට යන්න තිබුණු රට බේරා ගෙන ආරක්ෂිත රටක් බවට අද පත් වෙලා තියෙනවා. බුද්ධ ධම්ම විතරයි තියෙන්නේ කිව්වා. ත්‍රිවිධ රත්නයම ආරක්ෂා වෙන රටක් බවට පත් කරන්න අවශ්‍ය වුණා. ඒක ජනතාව ඉටු කළා.

එතුමා ජනතාවටත් දේශපාලඥයන්ටත් ආදර්ශයක් වෙමින් රටේ පොදු දේපළ අපහරණය නොකර අවභාවිත නොකර විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

මාර්තු 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අප්‍රේල් අග වෙන විට මහ මැතිවරණය එනවා. දැන් ඔක්කොම හරි කියලා ඉන්න බෑ. ඊටත් වඩා වැඩි වගකීමක් දැන් තියෙනවා. අමාරුවෙන් ගත්තු ආණ්ඩුව රැකගන්න ඕන. අන්තවාදි කුඩා පක්ෂවල ග්‍රහණයට හසු වෙන්නේ නැතිව තනි දේශපාලන පක්ෂයක් වෙන්න ඕන. මේ පළාත්වල අල ගොවීන් ඉන්නවා. අපි ඔවුන් ශක්තිමත් කරන්න ඕන. ඒ නිසා ඉදිරියේදී අපි අල පිටරටින් ගෙන්වන එක නතර කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි මෙරට තුළ නිෂ්පාදනය කරන සියලු දේවල් පිටරටින් ගෙන්වන එක නතර කළ යුතුයි.

ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. දැනටමත් වසමකට ලක්ෂ 20 බැගින් ලැබිලා තියෙනවා. ජනාධිපතිවරයා රට ඉහළ තත්ත්වයට ගේන්න කටයුතු කරමින් ඉන්නවා. ජාත්‍යන්තරයේ සහාය ඉතා හොඳින් ලැබෙනවා. නමුත් අපි ජාත්‍යන්තරයට කිසිසේත්ම ගැති වෙන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයට යට වුණා.

ජනතාවට ගිය ඡන්දයේදී ඕන වු‍ණේ විජාතික බලවේගවලට අනුව කටයුතු කරන ආණ්ඩුව පරාජය කිරීමටයි. ඒ නිසා දැන් තිබෙන ආණ්ඩුව විජාතික බලවේගවල පදයට නටන්නේ නැති රූකඩ බවට පත් වෙන්නේ නැතිව කෙළින් වැඩ කරන ආණ්ඩුවක් බව කිව යුතුයි. අපි ඇත්ත ප්‍රකාශ කරමින් නිවැරදි දේ කරමින් ඉදිරියට යනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More