විදේශ පුවත්

ඉන්දියාව පුරා පැතිරී යන නොසන්සුන්තාවයට හේතුව විපක්ෂයේ කන්ඩායම් විසින් පතුරුවා හරිනු ලබන බොරු සහ කටකතා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පවසයි.
ඊයේ නවදිල්ලි නුවරදී භාරතීය ජනතා පක්ෂය සංවිධානය කර තිබූ දැවැන්ත මහජන රැලියක් අමතමින් ඉන්දීය අගමැතිවරයා සංශෝදිත පුරවැසි පනත පිළිබඳ එලෙස පැවසීය.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ තම විරුද්ධවාදීන් විසින් තම රජය මුස්ලිම් ජනයා කුදලාගෙන ගොස් රැඳවුම් කඳවුරුවල ගාල් කිරීමට කටයුතු කිරීමට සූදානම් කර ඇතිබවක් හැඟවෙන කටකතා පතුරුවා හරිමින් සිටින බවයි. “මා ඉල්ලා සිටිනවා ඉන්දීය ජනයාගෙන් අප ඉදිරිපත් කළ පනත අවධානයෙන් යුතුව කියවන ලෙස” යැයි අගමැතිවරයා පවසා සිටියේය.

ඉන්දීය රජය විටින් විට නව පුරවැසි පනත සම්බන්ධව කරුනු ඉදිරිපත් කරමින් පවසා සිටියේ, ඉන්දීය රජය පනත ඉදිරිපත් කරනු ලැබුවේ ආගම මුල් කරගනිමින් පීඩාවට පත්වීම නිසා ඉන්දියාවට බන්ගලාදේශය,ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය යන රටවලින් සංක්‍රමනය වූ එම රටවල් වල සුලුතර ජනයාගේ සෙත පිණිස බවයි.
” විවිධත්වයේ ඒකත්වය ඉන්දියාවේ විශේෂත්වයි” අගමැතිවරයා අවධාරනය කරනු ලැබීය.”හින්දූන්,මුසල්මානුවන්,ක්‍රිස්තුභක්තිකයන්,සීක්වරුන් ඇතුලු සියලු දෙනාම ඉන්දියාවේ අනාගමික ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් ආරක්ෂා වෙනවා.” යනුවෙන් ඉන්දීය අගමැතිවරයා රැස්ව සිටි ජනයා ඉදිරියේ අවධාරනය කළේය.
කෙසේ වුවද පසුගිය දෙසැම්බර් 11 වෙනිදා නව පුරවැසි පනත ඉන්දීය ව්‍යවස්ථාදායකය සම්මත කිරීමෙන් පසු මේ දක්වා ඉන්දියාවේ නගර පුරා ඇතිවූ උද්ඝෝෂන අතර තුර පොලීසිය හා විරෝදතාවල නියැලෙන්නන් අතර ඇතිවූ ගැටුම් වලින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More