දේශීය පුවත්

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.

ඒ සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම, රාජ්‍ය දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගනිමින්.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදි සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉකුත් 18 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව දෙසැම්බර් 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.

එවැනි පසුබිමක අනතුරට ලක්වූ සන්දීප් සම්පත් තරුණයා සම්බන්ධයෙන්ද වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More