දේශීය පුවත්

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකීය තානාපතිවරුන් කරන සේවය ගැන කිසිසේත් සෑහීමකට පත් නොවන බව විදුලිබල හා බලශක්‌ති හා ප්‍රවාහන කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙතෙක්‌ පැවැති සෑම රජයක්‌ම සිදුකළේ පරාජයට පත්වූ මන්ත්‍රීවරයකු හෝ විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරියෙකු තානාපති සේවයට පත්කිරීම බවත් එම නිසා තානාපතිවරයකුගෙන් ලැබිය යුතු සේවාව රජයට ලබා ගැනීමට නොහැකි වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවැති රැස්‌වීමකට සහභාගිවෙමින් මේ බව සඳහන් කළ ඇමැතිවරයා මෙසේද කීය.

අද බොහෝ තානාපතිවරු සේවයට යන්නේ රටට සේවය කිරීමට නොවෙයි. ඔවුන් කරන්නේ ඒ ඒ රටවලට ගොස්‌ තානාපති තනතුරු සඳහා රජය විසින් ලබාදෙන වරප්‍රසාද භුක්‌ති විඳීම පමණයි. සමහරු තමන්ගේ දරුවන්ට උගන්වන්න අවස්‌ථාව ලබා ගන්නවා. රට පුරා සවාරි යනවා. තමන්ගේ ජීවිතයේ අවසන් කාලයේ සැප ගන්න තමයි බොහෝ තානාපතිවරු කටයුතු කරන්නේ. එම නිසා ඔවුන්ගෙන් රටට අබමල් රේණුවක තරම් සෙතක්‌ වෙලා නැහැ. හොඳම කුළු බඩු තියෙන්නෙ අපේ රටේ. මොන තානාපතිවරයාද රටේ මඤ්ෙÆක්‌කා කිලෝ එකක්‌, අන්නාසි ගෙඩියක්‌, තේ ටිකක්‌ විකුණා ගන්න ව්‍යාපෘතියක්‌ ඔවුන් සේවය කරන රටට හඳුන්වා දුන්නේ. 1948 ජාතික නිදහස ලැබීමෙන් පසු රට නියෝජනය කරන ලද කීර්තිමත් තානාපතිවරුන් කිහිප දෙනෙක්‌ හැර අන් සියලු දෙනා තමන්ගේ වගකීම පැහැර හැර තිබෙනවා.

අද අපිට සතුටු වෙන්න පුළුවන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නව තානාපතිවරු පත් කරන විට රටට ආදරය කරන රට වෙනුවෙන් හැම විටම පෙනී සිටින වැඩ කරන තානාපතිවරු කණ්‌ඩායමක්‌ පත්කරන එක ගැන. රට ජාත්‍යන්තර තලයට ඔසවා තබන්න ඔවුන් පත් කළ යුතු යෑයි ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More