දේශීය පුවත්

එජාප ජනාධිපති අපේක්ෂයාට ඡන්ද නොලැබේ යැයි බියෙන් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල නිවාස ණය වාරික එකතු කිරීම හිටපු පාලකයන් විසින් නතර කිරීම නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත. මේ නිසා දෙසැම්බර් සහ ජනවාරි යන මාසවල සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ද නිවාස සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් නිවාස සංවර්ධන අධිකාරිය සිය සේවකයන්ට වැටුප් ගෙවීම සිදු කරන්නේ නිවාස ණය වාරික එකතුවීමෙන් ලැබෙන මුදල්වලිනි. වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අධිකාරියට මුදල් ලබාදීමක් සිදුනොකරන බව ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

හිටපු නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස විසින් විශේෂ උපදේශකවරයකු ලෙස දේශපාලන පත්වීමක් ලබා දුන් අයෙකු විසින් පසුගිය ඔක්තෝම්බර් මස අධිකාරයේ අදාළ අංශ වෙත ලිපියක් යවමින් නිවාස ණය එකතු කිරීම නතර කරන ලෙසට දැනුම් දී ඇත. එම දිනවල නිවාස ණය එකතු කළොත් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවන බව පවසමින් මෙම උපදේශකවරයා විසින් අදාළ නියෝගය ලබා දී තිබේ.

මේ නිසා එම මාසයේත්, නොවැම්බර් මාසයේත් ණය වාරික එකතු වීම නතර වී ඇත. එකතු වී තිබෙන්නේ ඇතැම් ණය ලාභීන්ගේ වැටුපෙන් අඩුකර එවන වාරික මුදල් පමණි. මේ නිසා නිවාස අධිකාරියේ ආදායම ඉතා සීග්‍ර ලෙස කඩා වැටී ඇති අතර නොවැම්බර් මාසයේ ගෙවන වැටුප ගෙවා ඇත්තේ භාණ්ඩාගාරයෙනි. බිල්පත්වල ආයෝජනය කර ඇති අධිකාරි​යේ මුදල් නිදහස්කර ගැනීමෙනි.

එහෙත් දෙසැම්බර් මස ගෙවන වැටුප් මෙන්ම පුනරාවර්තන වියදම් වෙනුවෙන්ද වැඩ කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නිවාස සංවර්ධන අධිකාරියට ලැබී නැත. එනිසා එළඹෙන උත්සව කාලයේ සේවකයන්ට වැටුප ගෙවීමට ද අර්බුදයකට ලක්ව ඇතැයි ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More