දේශීය පුවත්

චිත්‍ර වහාම ඉවත් කරන්න

December 23, 2019 5:16 am | Lanka Lead News

මේ දවස්වල ලංකාවේ ලොකු රැල්ලක් යනවා ඒ තමා වීදි චිත්‍ර කොච්චර හොඳ දෙයක් උනත් ඒවාට අකුල් හෙලන සෙට් එකකුත් ඉන්නවනේ මේත් ඒ වගේ සෙට් එකක් යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක චිත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව එම ස්ථානයේ ප්‍රතිමා තුනක් ස්ථාපිත කිරීමට යාමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණා. ඊයේ (21) අදාළ ස්ථානයට ගිය දෙමළ ජාතික සන්ධානයේ සහ තවත් දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පවසා තිබුණේ එම ස්ථානයේ තබන්නට යන ප්‍රතිමා සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා නිසා වහාම ඒවා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසයි.

එසේම එම ස්ථානයට ගිය දේශපාලනඥයින් හා චිත්‍ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ද සිදු වී ඇති අතර යාපනය බන්ධනාගාර නිලධාරීන්ට අදාළ දේශපාලනඥයින් පවසා ඇත්තේ මේ ක්‍රියාවට ඉඩ ලබා දිය නොහැකි බවයි. යාපනයේ තරුණ තරුණියන් ද බොහෝ ස්ථානවල අලංකාර චිත්‍ර අඳිමින් නගරය ලස්සන කළ අවස්ථාවේදී ඒ පිළිබඳව දැඩි සතුටට පත් වූවත් මේ ආකාරයේ සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීම පිළිබඳව සතුටට පත්වීම හෝ ඊට ඉඩදීම කළ නොහැකි ක්‍රියාවක් ලෙසයි යාපනයේ දේශපාලනඥයින් පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More