කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද නව විමර්ශනයකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි සටහන් ලබා ගැනීම ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සාක්ෂි සටහන් ලබාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සැත්කම් වලට භාජන වීමෙන් වින්දිතවූ සිංහල මවුවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය විසින් අධිකරණයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...