දේශීය පුවත්

ජාතික අධ්‍යාපනය රැකගැනීමට නම් උපකාරක පන්ති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රවීණ අධ්‍යාපන විද්‍යාවේදියකු හැටියට සැලකෙන ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ පවසති.

ලොකු පොඩි භේදයකින් තොරව නගරයේත් ගමේත් පාසල් දරුවන් මේ වනවිට ටියුෂන් පංති කරා ඇදීයන්නේ යැයි කී උන්වහන්සේ එය තනිකරම මාෆියාවක්යැයි චෝදනා කළහ.

මෙම පරිසරයෙහි පාසල් යෑම බොරු වැඩක් වී ඇතැයි ද රජය කඩිනම් අවධානයක් යොමු නොකළහොත් අධ්‍යාපනයෙහි සියලු සාරාර්ථ ඉක්මනින්ම විනාශමුඛයට යනු ඇතැයි ද ඔස්වල්ඞ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ කීහ.

පාසල් ක්‍රමය ශක්තිමත් කර දුර්වල සිසුන්ට සවස් පංති පවත්වන ක්‍රමයක් නිර්මාණය කළ යුතු යැයි ද ඒ සඳහා ගුරුවරුන් කැපවිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.

අධ්‍යාපනය ලබාදීමේ අයිතිය රාජ්‍ය අංශයට පමණක් සීමා විය යුතු නැති නමුත් අධ්‍යාපනයට නිසි ප්‍රමිතියක් තිබීම අත්‍යවශ්‍ය යැයි ද හිටපු අගරදගුරුතුමෝ පැවැසූහ.

රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව අධ්‍යාපනයට ප්‍රමිතියක් සකස් කළහොත් ටියුෂන් සංස්කෘතියෙන් අධ්‍යාපනය විනාශ වීම වලක්වාගත හැකි යැයි ඔස්වල්ඞ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවැසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More