දිවයිනේ පළාත් ගණනාවකට බලපා ඇති වැසි තත්ත්වය අද (22) සහ හෙට (23) දිනවලදී තවදුරටත් වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත‍්‍රික්කවලට මිලිමීටර 150, 200 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසිත්, දකුණු පළාතේ සහ මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ක පමණ තරමක් තද වැසිත් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
කඳුකර ප‍්‍රදේශයන්හි නායයෑම්, පහත් බිම් ජලයෙන් යටවීම්, විශාල ගස් ඉදිරියාම ආදිය සිදුවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...