දේශීය පුවත්

සහල් සඳහා අලුත් පාලන මිලක් නියම කිරීමත් සමග තොග සහල් ව්‍යාපාරිකයන් කිලෝ ග්‍රෑමයකට රුපියල් 15කට අධික ශුද්ධ ලාභයක් හා සිල්ලර වෙළෙඳසල්වලට රුපියල් 4ක ලාභයක් ලැබෙන බව වාර්තා වේ.

සියලුම වර්ගයේ සුදු කැකුළු සහ තම්බපු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98කට අලෙවි කිරීමට ගැසට් නිවේදනයක් පසුගිය සතියේ නිකුත් කළේය.

එහෙත් මීට පෙර සුදු සම්බා කිලෝවක් රුපියල් 85ටත් සුදු නාඩු රුපියල් 80ටත්, රතු නාඩු රුපියල් 74ක මිලකටත් යටත් වන සේ පාලන මිලක් නියම කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය යල හා මහ කන්නවලදී ගොවීන්ගෙන් සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 42කටත් නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 38ක මිලකට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමට පාලන මිලක් නියම කර තිබිණි. එහෙත් පෞද්ගලික වී මෝල් හිමියන් ගොවීන්ගෙන් රුපියල් තිස් පහකටත් වඩා අඩු මිලකට වී කිලෝවක් මිලදී ගෙන ගබඩා කළ අතර එම වී තොග සහල් කර මේ වන විට වෙළෙඳපොළට වැඩි මිලට නිකුත් කරති.

සාමාන්‍යයෙන් සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකහමාරක් (1 1/2) අවශ්‍ය වන අතර ඊට රුපියල් 63 වැය වේ. එම වී සහල් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ශ්‍රමය, විදුලිය, ගබඩා ආදී පිරිවැය සඳහා තවත් රුපියල් අටක් වැය වන අතර එවිට සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල රුපියල් හැත්තෑ එකකි. එම සහල් කොළඹට ප්‍රවාහනය කිරීමේදී කිලෝ ග්‍රෑමයකට තවත් රුපියල් දෙකක් පමණ වැයවන අතර එවිට වැය වන මුළු මුදල රුපියල් 73කි. තොග වෙළෙඳාමට රුපියල් 5ක ශුද්ධ ලාභයක්ද සිල්ලර වෙළෙඳාමට රුපියල් 2ක ලාභයක් තබාගෙන අලෙවි කළත් රුපියල් 80කට සහල් කිලෝවක් ලබාදිය හැකිය. ඊට අමතරව වී සහල් කිරීමේදී සහල් මෝල් හිමියන්ට ඉතිරි වන අමතර නිෂ්පාදන වන දහයියා, සුනු සහල් සහ වී කුඩු ආදී සත්ත්ව ආහාරවලට වැඩි මිලකට විකුණා එයින්ද ලාභයක් ලබයි.

කෙසේ වෙතත් අඩු මිලට ලබා ගත් වී සහල් කර වෙළෙඳපොළට මෝල් හිමියන් නිකුත් කරනු ලබන්නේ රුපියල් 94කට බවද වාර්තා වේ. මේ වන විට රටේම සහල් ඒකාධිකාරය පාලනය කරනු ලබන්නේ පොළොන්නරුවේ ප්‍රධාන මෝල් හතරකින් බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More