පුරවැසි කොලම

කුරුණෑගල – ආර්. එම්. යූ. බණ්ඩාර

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් කළ බව කියන සිද්ධිය පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ප‍්‍රවෘත්තියක් බවට පත් වුණේය.

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ ‘දිවයින’ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණු විසින් ය. ඉකුත් මැයි මස 23 වැනිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන ශීර්ෂ පාඨය යටතේ පළ වූ මෙම ප‍්‍රවෘත්තියෙන් මුළු රටම ගිනි ගත්තේය.

පාර්ලිමේන්තුවේදී පවා විවාදයට බඳුන් වූ මෙම ප‍්‍රවෘත්තිය පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන කටයුතු සඳහා භාර කෙරිණි.

එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාව සිටි ශානි අබේසේකරගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු විමර්ශන සඳහා ඒ. එස්. පී. තිසේරා පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සැකකාර වෛද්‍ය ෂාෆිට එරෙහිව විමර්ශන කරනවා වෙනුවට එදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළේ මෙම ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තිය හෙළි කළ හේමන්ත රන්දුණු ෂාෆි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට සහ කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමය. මෙම පුවත බොරු ප‍්‍රවෘත්තියක් බවට හුවා දක්වමින් ෂාෆි වෛද්‍යවරයා බේරා ගැනීමට එදා සී.අයි.ඩියේ නිලධාරීහු දැඩි උත්සාහයක නිරත වූහ.

පසුගිය රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ රාජිත සේනාරත්න වෛද්‍ය ෂාෆි නිවැරැදිකරුවකු කිරීමේ සටනට එක්ව සිටියේය.

මෙම ප‍්‍රවෘත්තිය පළ කළ හේමන්ත රන්දුණු අත්අඩංගුවට ගෙන සැකකාර වෛද්‍ය ෂාෆි නිදහස් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටියහ.

අගතියට පත් වූ මවුවරුන්ට සාධාරණයක් ඉටු කර දීමට හෝ වෛද්‍ය ෂාෆිට ඇති අසීමිත දේපළ පිළිබඳව කිසිදු විමර්ශනයක් පැවැත්වීමට සී.අයි.ඩිය කටයුතු කළේ නැත.

අවස්ථා දෙකකදී හේමන්ත රන්දුණු සී.අයි.ඩියට රැගෙන ගොස් පැය පහළොවකට වැඩි කාලයක් රඳවාගෙන ඔහු දැඩි පීඩනයට ලක් කරමින් ප‍්‍රශ්න කිරීම් කරනු ලැබුවේ රටින් පලා ගිය පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා විසින් ය.

හේමන්ත රන්දුණුගෙන් ප‍්‍රශ්න කරද්දි සැකකාර වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් ඒ අසල රඳවා තැබීමට ද පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කටයුතු කර තිබුණේය.

ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පැමිණීමෙන් පසු වෛද්‍ය ෂාෆිට එරෙහි විමර්ශන කටයුතු උඩු යටිකුරු වුණේය. ශානි අබේසේකර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පලවා හැරීමෙන් පසු එහි නව අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කරනු ලැබුණේ ඩබ්ලිව්. තිලකරත්න මහතා ය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න මහතා වෛද්‍ය ෂාෆිට එරෙහි විමර්ශන කටයුතු ක‍්‍රමානුකූලව ආරම්භ කළේ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් මේ විමර්ශනය තනිකරම ඒකපාර්ශ්විකව සිදුකර ඇති බව පවසමිනි.

පසුගිය 12 වැනිදා වෛද්‍ය ෂාෆි නඩුව කුරුණෑගල දිසා අධිකරණයේදී විභාගයට ගන්නා ලදී. එහිදී වඳ භාවයට පත් වූ මවුවරුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවන ලකුණු පෙන්නුම් කෙරිණි.

වඳ සැත්කම් සිදුකළේ යැයි වෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ඒකකයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන් මහතා පිළිබඳ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නව පරීක්‍ෂණ කණ්ඩායමක් යොදවා සර්ව සාධාරණ ලෙස විනිවිද භාවයෙන් යුක්තව නැවත සිදු කිරීමට පියවර ගෙන ඇති බව මෙම පැමිණිල්ල නඩුව ඊයේ (12 දා) කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

අවශ්‍ය නම් ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඇති පැමිණිල්ලට අදාළ සාක්‍ෂි නැවත ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර තිබෙන බව කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂවරයාට දැන්වීය.

ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබු අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි අධ්‍යක්‍ෂවරයකු අධිකරණයේ පෙනී සිටි ප‍්‍රථම අවස්ථාව මෙය විය. මෙම පැමිණිල්ල මීට පෙර විභාගයට ගත් අවස්ථාවලදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනීසිටියේ සහකාර පොලිස් අධිකාරි බී. ඒ. තිසේරා සහ පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.
‍ෙ
මෙම පැමිණිල්ල ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂක ඩබ්ලිව්. තිලකරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යනු පොලිසියේ හදවත බවත් එම දෙපාර්තමේන්තුව රටේ සහ ජනතාවගේ විශ්වාසය තහවුරු කළ යුතු බවත් ය. ඒ අනුව ජනතාව අතර විවාදයට සහ සැකයට බඳුන් වී තිබෙන ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයාට සම්බන්ධ නඩුවට අදාළ කටයුතු ජනතාවට විශ්වාසයක් ඇතිවන ආකාරයට වඩාත් විනිවිද භාවයකින් යුක්තව ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව ද ඩබ්ලිව්. තිලකරත්න මහතා කියා සිටියේය.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ මාතෘ ඒකකයේ උපත ලද බිළිඳු දරුවකුගේ ඇඳ ඉහපත මාරුකොට එම දරුවා නීති විරෝධී ආකාරයට වෙනත් පාර්ශ්වයකට ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදුකර එහි ප‍්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන බව ද ඔහු පැවැසීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළ කරුණු සහ ඔහුගේ සියලූම බැංකු ගිණුම් පරීක්‍ෂා කර ඒ සම්බන්ධයෙන් වන අංග සම්පූර්ණ වාර්තාවක් ද මීළඟ නඩු දිනයට අධිකරණයට ඉදිරිපත් කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න මහතා අධිකරණයට දන්වා සිටියේය.

සැකකාර ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා කියා සිටියේ, මෙම නඩුවට අදාළ පරීක්‍ෂණ සාධාරණව මෙහෙයවමින් සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා සහ සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතා වෙනත් රාජකාරි ස්ථානවලට මාරුකර යැවීම මෙහි පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක් සේ ම තම සේවාදායකයාට සිදුකර තිබෙන බරපතළ අසාධාරණයක් වන බවය. ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් දැයි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා අධිකරණයෙන් විමසීය.

ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න මහතා එම ස්ථාන මාරුව සේවා අවශ්‍යතාව මත සිදු වී ඇති පරිපාලන ක‍්‍රියාවලියක් බව ද එයින් මෙම නඩුවට කිසිදු බාධාවක් එල්ල නොවන බව ද ප‍්‍රකාශ කළේය.

පොලිසියේ ඕනෑම අංශයක නිලධාරියකු ස්ථාන මාරුවක් ලැබ ගිය පසු වෙනත් නිලධාරීන් යොදවා අදාළ පරීක්‍ෂණ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද ඒ සඳහා අවශ්‍ය දක්‍ෂ පොලිස් නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටින බව ද තිලකරත්න මහතා සඳහන් කළේය. මෙහිදී වින්දිත මවුවරුන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ චානක අබේවික‍්‍රම මහතා කරුණු දක්වමින්, සැකකාර වෛද්‍යවරයා සෑම මසකම අධිකරණ නියෝගයට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය යුතු වුවද, ඔහු මින් පෙර අවස්ථා දෙකකදී ඒ ආකාරයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවට අධිකරණයට දන්වා සිටියේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා තම සේවාදායකයා මේ වන විට සේවය කරමින් සිටින්නේ මඩකලපුව කාත්තන්කුඩිය මූලික රෝහලේ බැවින් එක් දිනක් විශාල දුරක් ගෙවා බසයෙන් කොළඹට පැමිණීමට බස් රථයක් නොතිබූ නිසා එදින පැමිණීමට නොහැකි වූ බවද, අනෙක් දිනය ජනාධිපතිවරණයට පසු දිනය වූ බැවින් එදින ද කොළඹට පැමිණීමට නොහැකි වූ බව පැවසීය. කෙසේ වෙතත් එම දින දෙකේදීම තම සේවාදායකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් අනුව කාත්තන්කුඩිය පොලිසියේ පෙනී සිට එහි අත්සන් තැබූ බව ද ජනාධිපති නීතිඥවරයා සෑම මසකම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස පනවා ඇති ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ප‍්‍රකාශයක් කළ කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා අධිකරණ නියෝගයක් ඒ ආකාරයෙන් ම ක‍්‍රියාත්මක කළ යුතු බව ද අධිකරණ නියෝගයට අනුව සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටීම වරදක් බව ද පෙන්වා දී ඔහුට අවවාද කළේය.

ඇප කොන්දේසි සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට පෙර එම කොන්දේසි නිසියාකාරව පිළිපදින ලෙස ද මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා කියා සිටියේය.

මෙහිදී නැවත වරක් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා මෙම නඩුවට අදාළව අවශ්‍ය වුවහොත් අවශ්‍ය පාර්ශ්වවලින් නැවත මුල සිටම සාක්‍ෂි ලබා ගැනීමට පියවර ගන්නා බව ද සර්ව සාධාරණ ලෙස විනිවිදභාවයෙන් යුක්තව මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කරන බවට පොරොන්දු වන බව ද ප‍්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරයා මෙම පැමිණිල්ලට අදාළව අවශ්‍ය සාක්‍ෂි නැවත ලබා ගැනීමේ අයිතිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තිබෙන බව ද එසේ නැවත සාක්‍ෂි ලබා ගැනීමට අධිකරණයෙන් කිසිදු බාධාවක් නැති බව ද ප‍්‍රකාශ කළේය. පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂවරයා කරුණු දක්වද්දී විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා අවස්ථා ගණනාවකදීම බාධා කිරීම හේතුවෙන් එසේ ඔහුට නොහැසිරෙන ලෙස දැඩිව අවවාද කිරීමට ද මහෙස්ත‍්‍රාත්වරයාට සිදු විය.

පැමිණිල්ල ලබන ජනවාරි මස 16 වැනි දින නැවත විභාගයට ගැනීමට මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.

සැකකරු වෙනුවන් ජනාධිපති නීතිඥ වසන්ත බණ්ඩාර නවරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කිසිදු නිලධාරියකු මෙදින අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයකි.

වින්දිත මවුවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, චානක අබේවික‍්‍රම යන මහත්වරුන් සමග සමන් දිසානායක, අජිත් එදිරිසිංහ පියුමාල් හේරත්, නිලූෂී උයන්වත්ත, දිස්නා වික‍්‍රමනායක යන නීතිඥවරු පෙනී සිටියහ.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව යන මහත්වරු අධිකරණයට පැමිණ සිටියහ.

පසුගිය නඩු වාරවලදී මෙන්ම මෙම නඩු වාරයේදීත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ ආරක්‍ෂාවක් අධිකරණය සහ ඒ අවට මාර්ගවලට යොදා තිබිණි. කුරුණෑගල නඩුවට පෙනී සිටීම සඳහා පැමිණ සිටි ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා නඩුව අවසාන වීමෙන් පසුව කුරුණෑගල අධිකරණ භූමියට ජීප් රථයක් ඇතුළුකර එම වාහනයෙන් පිටතට රැගෙන යෑම සම්බන්ධයෙන් වින්දිත මවුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.

නීතිඥ ඉන්‍ද්‍රසිරි සේනාරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෛද්‍ය ෂාෆිගේ නඩුවට අද දින නව අධ්‍යක්‍ෂවරයා පෙනී සිටියා. පසුගිය කාලය පුරාවට කන්දප්පා ඒ. එස්. පී. තිසේරා, ශානි විසින් ශ‍්‍රී ලංකාවේ තිබෙන නීතියෙන් පැත්තකට විසිකරලා මේ විමර්ශන තමුන්ට රිසි විදියට සිදුකළා.

මේ මෙහෙයුම ක‍්‍රියාත්මක කරපු රාජිත සේනාරත්න රිෂාඞ් බදුර්දීන් වැනි දේශපාලනඥයන්ගේ අතකොලූ බවට පත්වෙච්ච සී. අයි. ඞී. නිලධාරීන් රටේ නීතිය පැත්තකට විසි කරලා නීතිපොත් කුණු කූඩෙට දාලා කටයුතු කළා.

අද දිනය තමයි, මවුවරුන්ට යුක්තිය ඉෂ්ට වීම ආරම්භ වන දිනය. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පළමු වතාවට සී.අයි.ඞී. අධ්‍යක්‍ෂවරයා පෙනී සිටියා.

වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු අධිකරණ භූමියට අඳුරු වීදුරු යෙ¥ වාහනයක් ගෙන්වාගෙන ඉන් පිටව ගියා මේක අධිකරණයට කරපු හෑල්ලූවක්. මේ වගේ දේවල් කරන්නේ කොහොමද? මේ ගැන වහාම විමර්ශනයක් කරන්න ඕනේ.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ සරත් වීරබණ්ඩාර මහතා –

ගරු අධිකරණය වෙත කොළඹ වෛද්‍ය විද්‍යලයේ පීඨාධිපති වෙත යවනු ලැබූ වාර්තාව නිකුත් වෙලා තිබෙනවා. අධිකරණය අද දින ඒ පිළිබඳව සාකච්ඡුාවට ලක් කළා. එයින් පැහැදිලි විමර්ශනයක් දීලා තියෙනවා. මඳසරු භාවය කුමක්ද කියන එක ගැන.

මාස 12 ක් දරුවන් අපේක්‍ෂාවෙන් ඉඳලා ඒ වෙනුවෙන් උත්සාහ කරලා දරුවන් නොලැබීම සම්බන්ධයෙන් නිර්වචනයක් දීලා තියෙනවා. ඒ තමයි මඳසරු භාවය කියලා.

සිසේරියන් සැත්කම්වලින් අනතුරුව එම නිර්වචනය අනුව අප රෝහල වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් මව්වරුන් 521 දෙනෙක් මේ වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කම් වලින් පසු මදසරුභාවයට පත්වෙලා කියලා.

අප නිගමනය කළා. ඒ සමඟම සංඛ්‍යා ලේඛනමය පරීක්‍ෂණයක් කරන්න. ප‍්‍රසව හ නාරිවේද ඒකකවල වෛද්‍යවරුන් කරන ලද සිසේරියන් සැත්කම් උපයෝගී කරගෙන.

මඳසරු භාවය පිළිබඳව පරීක්‍ෂණ කරන්න කියලා එම නිර්දේශවල සඳහන් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More