පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පොලිස් කොමිසම පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදය පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා ඇත.
ඒ අනුව පොලිස් කොමිසමේ ස්ථාවරය දැක්වීමට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැදවන බවයි පොලිස් කොමිසම ප්‍රකාශ කළේ.
මේ අතර පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ගාලු කඩවත්සතර හා තල්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය මතුගම ගුණරතන හිමි ප්‍රකාශ කළේ අදාළ රිය අනතුර සම්බන්ධයෙන් පසුගිය රජය වරදක් සිදුකර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...