විදේශ පුවත්

චීනය ඉතා නුදුරේදීම ජගත් සමුද්‍රීය ක්ෂේත්‍රයේ අමෙරිකා එක්සත් ජනපදය සතු බලය සුනු විසුනු කිරීමට සමත් වන බව යුද විශ්ලේශකයන්ගේ මතය වී තිබේ. චීන මහජන සමූහ ආන්ඩුව අත්පත් කරගන්නා නාවික හමුදා බලය ඉදිරියේ මුනිවත රකිනවා හැර අමෙරිකා එක්සත් ජනපදයට කළ හැකි කිසිවක් නොමැති බව යුද විශ්ලෙශකයෝ තව දුරටත් පෙන්වා දෙති.

චීන යුද නැව් බලඇණියේ සිදුවන වර්ධනය පිළිබඳව ලෝක ප්‍රසිද්ධ ෆොර්බ්ස් සඟරාව සිය නිරීක්ෂණ ලියා තබන්නේ ” චීන නාවික හමුදා බල ඇණිය මහා පරිමාණ චමත්කාර වර්ධනයක අත්පත් කර ගන්නිමින් සිටියි ” යනුවෙනි.

චීනයේ ජියාන්නන් නාවික තොටුපල ආශ්‍රිතව ගූගල් සිතියම් විශ්ලේෂනයක යෙදෙන ෆෝර්බ්ස් සඟරාව පවසා සිටින්නේ අලුතින්ම නිෂ්පාදනය වන ගුවන්යානා රැගෙන යන විශාල යුද නැව් වලට ආරක්ෂාව සපයන ඩෙස්ට්‍රෝයර් නමින් හඳුන්වන අධිවේගී නාවික යාත්‍රා නවයක් චීන නාවික හමුදාවට එකතු වීමට නියමිත බවයි. එය බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව සමඟ සසඳන ෆෝර්බ්ස් සඟරාව පවසන්නේ රාජකීය හමුදාවට මෙවැනි මට්ටමේ නාවික යාත්‍රා හයක් පමණක් බවයි.

පසුගියදා චීන මහජන සමූහ ආන්ඩුවේ යුද නාවික හමුදාව විසින් නිල බවට පත් කරනු ලැබූ ෂැන්ඩොන් යුද නෞකාව දේශීය වශයෙන් නිපදවූ ප්‍රථම යුද නෞකාව බව සඟරාව පවසයි. මෙම නෞකාවේ ජේ-15 ප්‍රහාරක යාත්‍රා 36ක් රැගෙන යාමේ හැකියාව තිබේ.
මේ අතර ෂැංහයි නාවික තොටුපලේ තනමින් පවතින යුද නෞකාව අමෙරිකාව සතු යූ එස් එස් ජෙරල්ඩ් ආර් ෆෝස් නෞකාව සතු සියලුම නවීන යුද තාක්ශනයන් අඩංගු බවද ෆෝර්බ්ස් සඟරාව පවසයි.

මේ අතර වොෂින්ටන් නුවර ආශ්‍රිතව ක්‍රියාත්මක බුද්ධි මන්ඩලයක් වන නව අමෙරිකානු ආරක්ෂාව සඳහා වන මධ්‍යස්ථානය පවසා සිටින්නේ” සෝවියට්වරුන්ට අමෙරිකාවේ සුපිරි තාක්ෂනය අභිබවා යෑමට අවකාශ නොලැබුනු නමුත් එම සිද්ධාන්තය චීනය සම්බන්ධයෙන් කිසිවිටකත් සත්‍ය වනවා යැයි අපේක්ෂා කළ නොහැකියි” යනුවෙනි.

තවදුරටත් අදහස් දක්වන ඔවුන් පවසන්නේ “බෙයිජිං පාලනය තාක්ෂනික සමානත්වය ලබාගැනීමට පිපාසයෙන් පෙලෙනවා පමණක් නොව ඔවුන් නිරන්තරයෙන් තාක්ෂනික ආධිපත්‍ය පැතිරවීමටද කටයුතු කරමින් සිටිනවා” යනුවෙනි

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 

(චීන ජනාධිපති ක්ෂී ජින්පින් පසුගියදා සන්යා නාවික තොටුපලේදී නාවික් සෙබලුන් සහ නාවික යාත්‍රා නිපදවන්නන් හමුවූ අවස්ථාව)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More