දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහ මැතිවරණයේදී අගමැති ධුර අපේක්ෂකත්වයට පත් කළ හොත් ඔහු සෑම දිස්ත්‍රික්කයකින්ම පරාජය කිරීම සඳහා බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් සමග සාකච්ඡා පවත්වා ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රබලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයන් හමු වී ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපෙක්ෂකයන්ට ලබා දීම සඳහා තමන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.

කොළඹදී සහ කොළඹින් බැහැර ප්‍රදේශවලදී මෙම ප්‍රබලයා සාකච්ඡා පවත්වා ඇත. ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයන් සමග ඔහු සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීමට යෝජනා කළහොත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම යෝජනාව පරාජය කිරීමටද ඔහු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More