නත්තල් උත්සව සමය වෙනුවෙන් වව්නියාවේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක ඇස නමින් හදීසි ඇතුම් ඒකකයක් ක්‍රියාත්මක වන බවට වව්නියාව මූලස්ථාන පොලීසිය කියා සිටියි.
ආරක්ෂක ඇස හදීසි ඇමතුම් ඒකකය වව්නියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව මූලස්ථාන පොලීසියේදී ආරම්බ වූ අතර උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා කාලය තුලදී මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
නත්තල් උත්සව සමය වෙනුවෙන් වව්නියාව නගරයට එන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම වව්නියාව නගරයේ ව්‍යාපාරික ස්ථානයන්හි ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂක ඇස හදීසි ඇමතුම් ඒකකය ක්‍රියාත්මක වන අතර ඒ වෙනුවෙන් වවුනියාව මූලස්ථාන පොලීසීය විසින් 024-2222226 යන අංකයත් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වරයාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතන අංකයන්ද ලබා දීමට පියවර ගෙන ඇත.
වන්නි දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් සිල්වා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ භාර පොලිස් අධිකාරී තිස්ස ලාල්දසිල්වා මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී මල්වලගේ මහතාගේ මෙහෙයවීමෙන් වව්නියාව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ නායකත්වය පරිදි මෙම ආරක්ෂක ඇස හදීසි ඇමතුම් ඒකකය ක්‍රියාත්මක වෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...