දේශීය පුවත්

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා මේ වනවිට පත්කර ඇති සහ පත් කිරීමට නියමිත ආයතන ප්‍රධානීන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ අනුව නව ආයතන ප්‍රධානීන් විසින් වසරක කාලසීමාවක් ඇතුළත අදාල ආයතනයේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම සභාපතිවරයා විසින් භාරගත යුතු අතර වගකීම භාර ගැනීමෙන් නොනැවතී තනතුරෙන් ඉවත් වීමටද සිදුවනු ඇත.‍

මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රමවේදය වූ පවත්නා ර‍ජයේ සහ විෂයභාර ඇමතිවරුන්ගේ හිතවත්කම් සබඳතා මත ආයතන ප්‍රධානීන් පත් කිරීම වෙනුවට මෙවර විශේෂ කමිටුවක් විසින් නිර්දේශ කරන පුද්ගලයන් රාජ්‍ය ආයතන සඳහා පත් කිරීමට නියමිත වේ. ඒ අනුව ජනවාරි මාසය ඇතුළත සියලු පත් කිරීම් අවසන් කිරීමට නියමිතය.

සුදුසුකම් හා අත්දැකීම් පරීක්ෂා කර බලා සුදුසුම අයට අදාල පත්වීම් ලබාදෙන බැවින් ඔවුන්ට සිය හැකියාවන් පෙන්වා ආයතන ඉදිරියට ගෙනයාම සඳහා වසරක් ප්‍රමාණවත් වන බවයි ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ පළමු වසර අවසානයේ ප්‍රගතියක් අත්පත් කර නොගන්නා ඕනෑම ආයතන ප්‍රධානියෙකු ගෙදර යෑමට සූදානම්ව සිටිය යුතු බවයි. පෞද්ගලික හිතවත්කම් මත හෝ වෙනත් කිසිදු හේතුවක් මත එය වෙනස් නොවන බවත් තමාට වැදගත් වන්නේ රට මිස පෞද්ගලික හිතවත්කම් හෝ පුද්ගලයන් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More