වත්මන් ආණ්ඩුව ජයග්‍රහණය කරවීම සඳහා ගාමක බලවේගය ලෙස ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහළට ඇද දැමීමට ඉඩ ලබාදිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
හෝමාගම මහා විද්‍යාලයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වන පන්තියට දමන වැඩ පිළිවෙලට තමන් විරුද්ධ බවත් පක්ෂයේ මහලේකම් ලෙස සියලු දෙනාට වඩා පක්ෂය පිළිබඳ වැඩි වගකීමක් තමන්ට ඇති බවත් ඒ මහතා පැවසීය.
කුමන අභියෝග හමුවේ වුවද පක්ෂය රැකගැනීමේ වැඩපිළිවෙල වෙනුවෙන් තමන් කැපවී සිටින බවත් ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...