දේශීය පුවත්

රජය අවශ්‍යපහසුකම් ලබාදීමට කටයුතු කරනවානම්, රටටම අවශ්‍ය කිරි ලබාදීමට තම සමාගමට හැකියාව තිබෙන බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා පවසනවා.

කිරි ගවයන්ට රටට අවශ්‍ය තරම් කිරි ලබාදීමට හැකියාව තිබෙන බවත්, පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි හැලීමට පවා සිදුවිය හැකි බවත් ඔහු සනදහන් කර සිටියා.

එසේම ආනයනික පිටිකිරි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී තිබෙන අතර, පිටිකිරිවල ප්‍රමිතිය පිළිබඳ ඇති ගැටලුව සොයා බැලීමට තවමත් කටයුතු කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඒ පිළිබඳ සොයා බලන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට නැවත මතක් කර සිටින බවයි හෙතෙම පවසන්නේ.

දේශීය වශයෙන් ක්‍රියාත්මක වන තම සමාගමට රටට අවශ්‍ය දියර කිරි, පිටිකිරි හා බටර් ඇතුළු නිෂ්පාදන 100%ක් ලබාදීමට හැකියාව තිබෙන බවත්, දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More