දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළි ගැනීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම යෝජනාව ශ්‍රී ලංකාවට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට රජයට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලගයේදී විදේශීය මාධ්‍යවේදීන් සමග පැවති හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ විදේශීය මාධ්‍ය ආයතන වල මෙරට නියෝජිත එක්ව සිටියහ.

මේ අතර වාර්තා වන්නේ එළැඹෙන මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒවා කල් දමන ලෙස එම කොමිසමෙන් ඉල්ලා සිටීමට රජය සූදානමින් සිටින බවයි.

එම මාසයේදී ශ්‍රී ලංකාවේ රට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන නිසා එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට යන්නේ යැයි වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව සුවිශාල මෙහෙවරක් ඉටු කළ අතර රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් රණවිරුවන්ගේ විත්තිවාවිකය නම්වූ වාර්තාාව සම්පාදනයකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වර්තමාන විදේශ අමාත්‍යවරයාටද පිළිගන්වා ඇත.

එම වාර්තාව මගින්ද ඔවුන් පෙන්වා දෙන්නේ ජිනීවාහිදී සම්මත කළ 30/1 යෝජනාව රටට හානිදායක මෙන්ම පිළි ගත නොහැකි යෝජනාවක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More