දේශීය පුවත්

සහල් මෝල් හිමියන් සහ සහල් වෙළෙඳුන් සමඟ පසුගියදා රජය කළ සාකච්ඡාවකදී එකඟ වූ පරිදි නාඩු සහ සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 නොඉක්ම වියයුතු බවට මුදල් අමාත්‍යංශය නියම කර තිබුණි. එහෙත් එම එකඟතාව නොසලකා වැඩි මිලට සහල් අලෙවි කිරීමෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.

විවෘත වෙළෙඳපොළේ මේ වනවිට නාඩු සහල් කිලෝව රුපියල් 105-110 දක්වා මිල ඉහළ ගොස් ඇති අතර සම්බා සහල් කිලෝව අලෙවි වන්නේ රුපියල් 110-115 අතර මිලකටය.

සහල් මිල පිළිබඳ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව ජනාධිපතිවරයා 18 වැනි බදාදා නාරාහේන්පිට ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට ගොස් කළ විමර්ශනයකදී හෙළිවී ඇත්තේද ගිවිසගත් මිලට සහල් අලෙවි නොකරන බවය. ජනාධිපතිවරයා ඒ මොහොතේම දිවයිනේ ප්‍රකට මෝල් හිමියන් දෙදෙනකුට දුරකතනයෙන් අමතා ඒ ගැන විමසා පොරොන්දු වූ මිලට සහල් අලෙවිකරන ලෙස උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියද අමතා මේ පිළිබඳ සොයාබලන ලෙස නියෝග කළේය.

මේ පිළිබඳ වෙළෙඳපොළේ අප කළ සමීක්ෂණයකදී සිල්ලර වෙළෙඳුන් පැවසුවේ මෝල් හිමියන් තම මිල ගණන් පහළ දමා නැති නිසා තමන්ට රජය නියම කළ මිලට සහල් අලෙවි කළ නොහැකි බවය. තම මිල අඩුම මිල යැයි ප්‍රචාරය කරමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සුපිරි වෙළෙඳසල්වලද නාඩු සහ සම්බා විකුණන්නේ කිලෝව රැපියල් 100ට වැඩියෙනි.

එසේම විවිධ නම්වලින් හඳුන්වන සහල් වර්ග මෙයටත් වඩා වැඩි මිලකට අලෙවි කරනුද දැකගත හැකි විය. ඉදිරියේ එළඹෙන උත්සව සමයේදී සහල් මිල මෙයට වඩා ඉහළ යනු ඇතැයි වෙළෙන්දෝ විශ්වාසය පළකරති.

මේ වනවිට දිවයිනේ එළවළු මිල අන් කවරදාටත් වඩා ඉහළ නැග ඇති අතර, කොළඹ මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ දේශය පුවත්පතට පැවසුවේ මේ දිනවල පවතින එළවළු මිල ලබන වසරේ මුල් සතිය අවසන් වනතුරු නොවෙනස්ව පවතිනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More