විදේශ පුවත්

චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වෙමින් කරනු ලබන හැසිරීම චීනය කිසිසේත් අනුමත නොකරනු ලබන බවත් එය දෙරට අතර අන්‍යනෝන්‍ය අවබෝධයට සහ අන්‍යනෝන්‍ය සහයෝගිතාවයට නරක අයුරින් බලපාන බවත් පවසා සිටියි.

චීන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර පැවති දුරකතන සංවාදයකින් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා ගනිමින් පවසා සිටියේ තමන් චීන ජනාධිපතිවරයා සමඟ උතුරු කොරියාව සහ හොංකොං රාජ්‍යයේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගත් බවයි.

මේ සම්බන්ධයෙන් එරට ෂින්හුවා ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් චීන ජනාධිපතිවරයා පවසා සිටියේ,” අමෙරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු වලට කරනු ලබන නිරන්තර මැදිහත් වීම  දෙරට අතර පවතින සුහද සම්බන්ධතාවය වර්ධනය කිරීමට කිසිසේත් උපකාරී වන්නේ නැහැ. තායිවානය, හොංකොං දිවයින ක්ෂින්ජාන් සහ ටිබෙට් රාජ්‍ය සම්බන්ධයෙන් අමෙරිකාව කරනු ලබන ප්‍රකාශ සහ කරනු ලබන මැදිහත්වීම් අන්‍යනෝන්‍ය විශ්වාසය පලුදු කිරීමට හේතුවනවා. අමෙරිකා එක්සත් ජනපදය,  දෙරට අතර ඇතිකරගත් වැදගත් පොදු එකඟතාවයන් ආරක්ෂා කර ගැනීමට මීට වඩා වගකීමෙන් කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරනවා” යැයි පවසා සිටියේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More