දේශීය පුවත්

මෙතෙක් උතුරු – නැගෙනහිර පළාත්වලට අයත් දිස්ත්‍රික්කවලින් පමණක් මහ මැතිවරණවලට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානය ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී දකුණේ දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර යාපනයේ පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.

මේ අනුව එම සන්ධානය කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට නාම යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. එහෙත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පසුගිය සිකුරාදා (20) වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

පක්ෂ නායකයා යළි දිවයිනට පැමිණීමෙන් පසු මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More