රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියේ තරුණයකු ගැටීමේ සිද්ධිය යටපත් කිරීමට කටයුතු කළ බව කියන ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැදවූ රථයේ සංදීප නමැති තරුණයකු 2016 පෙබරවාරි 28 දින රාත්‍රියේ ගැටීමෙන් පසුව එහි රියැදුරා ලෙස තුසිත පුෂ්පකුමාර නමැති අයෙක් ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය යළිත් විමර්ශනයක් ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය විමර්ශනයට වෙනත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු යොදවා තිබේ. මෙම සිද්ධිය යට ගැසීම ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ නියෝගයෙන් සිදුව ඇති බව වාර්තාවේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරියකුට චෝදනා එල්ල වී ඇති අතර ඉදිරියේදී ඔවුන්ද විමර්ශනයේ අවශ්‍යතාව මත අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...