දේශීය පුවත්

රනිල් දෙලොවක් අතර..

December 21, 2019 9:45 am | Lanka Lead News

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායම් ඒකමතික අනුමැතියෙන් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකීමක් භාර ගැනීමට තමන් කිසි විටෙක සූදානම් නැති බව කතානායක කරු ජයසූරිය මහතා එජාප නායකයාට දන්වා තිබේ.

මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයා සංඝරත්නය මෙන්ම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවන ලෙස ඉල්ලීමක් කර තිබියදී එජාප නායක රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතාද කරූ ජයසූරිය කතානායකවරයා හමු වී එම ඉල්ලීම් කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස කතානායකවරයා මේ බව සඳහන් කර තිබේ.

‘‘මේ වගේ අර්බුදයක් තිබූ ඌව පළාත් සභා මැති මැතිවරණයට පෙර ඔබතුමා මගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලය පත්කළා. පක්ෂය ජයග්‍රහණය කරා මම ඒ මැතිවරණ මෙහෙයුම් ඒ වගකීම භාරගන්න තැනදී මම විශාල වැඩ කොටසක් කළා. මම ගිහින් හරින්ගේ තාත්තාට කතා කරලා හරීන් පාර්ලිමේන්තුවෙන් අයින්කර කරගෙන හරින්ව මහ ඇමතිකමට ගේන්න එකඟ කරගත්තා. ඒ වෙලාවේ සජිත් වෙනම ගමනක් යමින් හිටියේ. මම ගිහින් කතා කරලා ඔබතුමාවයි සජිත්වයි එකම වේදිකාවකට ගෙනත් පක්ෂයේ එකමුතුකම රටට පෙන්නුවා. අන්තිමට නායකත්ව මණ්ඩලය විසුරුවා ඔබතුමා මාව කරපිංචා කොලයක් වගේ පැත්තකට විසි කලා.ඔබතුමා සජිත්වගේ වෙනම ගමනක් ගියා.‘‘ යනුවෙන් එහිදී කථානායක කරු ජයසුරිය මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ.

‘‘මේ පිළිබඳ පක්ෂයේ නායකයන් සමඟ සාකච්ඡා කොට ඉදිරි පියවර ගනිමු‘‘ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කථානායක වරයාට පවසා තිබේ.
කෙසේ වෙතත් මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද එජාප මන්ත්‍රීවරු මෙන්ම වික්‍රමසිංහ මහතාගේ සමීප යන්ද අවධාරණය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් බැහැරව යෑමට සුදුසු අවස්ථාව එළැඹී ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More