දේශීය පුවත්

ගාල්ල නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස තමාට ලබාදුන් ස්‌ථාන මාරුව වහාම අවලංගු කර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

එලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස ස්‌ථාන මාරුවීමක්‌ ලබාදීම තමාව තනතුරින් පහත හෙළීමක්‌ වන බවත් එමඟින් පෙන්වා දී තිබූ ශානි අබේසේකර මහතා එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කොට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක්‌ අයකර දෙන ලෙසට ද ඉල්ලා තිබිණි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්‌පතිවරයා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා, ජාතික පොලිස්‌ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්‍ෂවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට තිබිණි.

ජනාධිපතිවරණය නිම වී දින කිහිපයකින් එකී ස්‌ථාන මාරුවීම ලබාදීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්‌ වන බව ද සිය පෙත්සමෙන් සඳහන් කර දී තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා තමා වැනි පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සහකාර වැනි තනතුරකට පත්කිරීම දේශපාලන පළිගැනීමක්‌ වන බව ද නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More