දේශීය පුවත්

චම්පික රණවක මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරයටම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“චම්පික හෝ රියදුරා හෝ දෙදෙනාම හෝ මෙම වරද කළා නම් ඔවුන්ට නිසි දඬුවම් ලැබෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ආණ්ඩුව කාලේ තමන්ගේ ඇමති බලතල පාවිච්චි කරලා සී සී ටී වී කැමරාවල තියෙන ඒවා මැකුවානම්, නඩු ඉවත් කර ගත්තා නම් ඒවාත් හොයලා බලලා දඬුවම් කරන එක මේ ආණ්ඩුවේ වගකීමක්. මොකද නීතිය සාධාරණයි වගේම නීතිය සාධාරණයි කියලා පෙන්වන එකත් රටක ආණ්ඩුවක වගකීමක්. චම්පික පිළිබඳ පොලීසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කටයුතු කළ වේගය අනුව මම හිතනවා අනිවාර්යයෙන් එළඹෙන පෙබරවාරි 15ට කලින් රනිල් වික්‍රමසිංහත් මේ විදිහටම අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරයි කියලා අපි හිතනවා. මීට අවුරුදු 5කට කලින් සිදුවුණු මහබැංකුවේ මහා මුදල් මංකොල්ලයට දැන් අවශ්‍ය තොරතුරු සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙන්නේ. මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මේ නීතිය ක්‍රියාත්මක කරන වේගය අනුව රනිල් වික්‍රමසිංහටත් වැඩිකල් යන්න කලින් රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න වෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More