රහස් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඊයේ ගොනු කළේය.
මෙම අයදුම්පත සළකා බැලීම අද සිදු කෙරෙන අතර ඒ වෙනුවෙන් රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.
රහස් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට පෙර ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඊයේ ගොනු කළේය.
සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනුකර තිබෙන එම අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇත.
පෙත්සම ඉදිරිපත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
එම පරීක්ෂණයට අදාලව තමන්වද අත් අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
එබැවින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අපේක්ෂිත ඇප අයදුම්පතේ සඳහන් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...