සම්බා සහ නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සහල් වර්ගවලට අදාළව උපරිම සිල්ලර මිලට වැඩියෙන් අලෙවි කරන සහල් නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළඳුන්ට එරෙහිව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
මේ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් කොළඹ සහල් වෙළඳසැල්වල ඊයේ විශේෂ පරීක්ෂාවක් ද සිදු කළා. එහිදී ඔවුන් අදාළ සහල් වෙළඳසැල්වලට දැනුම් දුන්නේ වැඩිමිලට සහල් අලෙවි කළ හොත් නීතිමය පියවර ගන්නා බවයි.
සහල් වැඩිමිලට අලෙවි කරන වෙළඳසැල් වැටලීම් අද දිනයේ ද කි‍්‍රයාත්මක බව මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.
වෙළඳපලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි වැඩබලන පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න, පොලීසියේ සියලූ උසස් නිලධාරීන් වෙත ද ඊයේ දන්වා තිබුණි.
ඒ, සහල් වෙළඳුන් අධික මිල ගණන්වලට සහල් අලෙවි කරන බවට තොරතුරු වාර්තාවීමත් සමගයි. ඒ අනුව එලෙස නීතිවිරෝධීව සහල් තොග සගවා වැඩිමිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...