විදේශ පුවත්

ජපාන මධ්‍යවේදියෙකු රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් මහතාගෙන් රුසියාව චීනය සමඟ හමුදාමය සන්ධානයක් ගොඩනගමින් සිටින්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කරනු ලැබුවේ රුසියාව හෝ චීනය එවැනි උත්සහායක නිරතව නොමැති නමුත් අමෙරිකාව දකුනු කොරියාව සහ ජපානය සමඟ එකතුව නැගෙනහිර ආසියාවේ හමුදාමය සන්ධානයක් ගොඩනගන බවනම් සත්‍යක් බවයි.

රුසියාවට චීනය සමඟ මිලිටරි සන්ධානයක් ගොඩනැගීමට අවශ්‍ය නොවන නමුදු රුසියාවේ උපාය මාර්ගික සහකරුවා වන චීනයට තම ආරක්ෂක හැකියාව ඉහළ නංවාගැනීමට නිරතුරුවම උදව් උපකාර කරනු ලබන බව ජනාධිපති පුටින් අවධාරනය කරනු ලැබීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා ” රුසියාව සහ චීනය හමුදාමය සන්ධානයක් ගොඩනගා නැතැයි යන්නෙන් උපාය මාර්ගික මිතුරන් ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්‍රයේදී එක්ව කටයුතු නොකරන්නේ යැයි අදහස් නොවේ.චීනයේ පෙර මිසයිල අනතුරු අඟවන පද්ධතිය දියුනු කිරීමට රුසියාව නිරන්තරයෙන් උපකාර කරනු ලබනවා” යැයි පවසා සිටියේය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More