දේශීය පුවත්

රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර සත්‍ය වසන් කිරීම හා රිය අනතුර සිදුකළ අය ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම මඟින් දණ්ඩ නීති සංග‍්‍රහයේ හා මෝටර් රථ ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය.

රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ සැකකාර තුසිත දිලූම් කුමාර නොව පාඨලී චම්පික රණවක නමැති හිටපු අමාත්‍යවරයා බවට සාක්‍ෂි මඟින් තහවුරු වී ඇති බව පවසමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන් කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

එම අවස්ථාවේ පාඨලී චම්පික රණවක මහතා එම රථය පැදවූ බවට සාක්‍ෂිකරුවන් ප‍්‍රකාශ කළත් ඒ බව සටහන් නොකර අනතුර සිදුවන අවස්ථාවේදී අමාත්‍යවරයාගේ රියැදුරු රිය පැදවූ බවට සටහන් තබන ලෙසට එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අස්මඩල නමැති නිලධාරියා උපදෙස් ලබාදී ඇති බව අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක්වීය.

එම නඩුවේ සැකකරුවකු වන තුසිත දිලූම් කුමාර නමැත්තා සහ ප‍්‍රධාන සැකකරුට එකී කුමන්ත‍්‍රණයට ආධාර අනුබල දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් පාඨලී චම්පික රණවක මහතාට ඇප ලබාදීමක් සිදුකළහොත් විමර්ශනවලට බාධාවිය හැකි බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

පාඨලී චම්පික රණවක මහතාට නීතියෙන් ගැලවී යෑමට සහාය ලබාදී ඇති බව අනාවරණය වී ඇති සියලූ නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා විමර්ශන අවසන් වූ පසුව පාඨලී චම්පික රණවක හා ඔහුගේ රියැදුරු ඇතුළු පිරිසට එරෙහිව මහාධිකරණය හමුවේ පියවර ගන්නා බව ද අධිකරණයට පෙන්වා දුන්නේය. එවකට කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික මහතා ඔහු සතුව තිබූ දේශපාලන බලය හා ධන බලය යොදා ගනිමින් නීතිය තමන්ට අවශ්‍ය ලෙස නවා ගැනීමට ක‍්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More