දේශීය පුවත්

මියන්මාරයට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ලකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ජාතික හිමිකම් සංවිධානය විසින් ඊයේ (19) දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත සංදේශයක් බාරදෙන ලදී.

එම අවස්ථාවේදී එම සංදේශය භාරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හානා සින්ගර් මහතා සහභාගීවූ අතර එහිදී අදහස් දක්වමින් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සදහන් කරනු ලැබූවේ අනුගේ රටවල ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කරන්න කලින් ලංකාවේ තිබෙන ප්‍රජාත්‍රන්තවාදය භුක්තිවිදීමේ අයිතිය අපිට ලබාදෙන ලෙසය. එමෙන්ම මියන්මාරය ශ්‍රී ලංකාව යනු ථේරවාදී බුදු දහමෙන් පෝෂණය වූ රටවල් බවත් අප වැනි රටවලට අනිත් මිනිසුන්ගේ අයතිවාසිකම් ගැන පාඩම් කියල දෙන්න අවශ්‍ය නොවන බවත් බැල්ලන්තුඩාව මහතා එහිදී සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශය භාරදීමෙන් අනතුරුව ජාතික හිමිකම් සංවිධානයේ පිරිස ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලයවෙත පැමිණ මියන්මාරය වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බව සදහන් කරමින් මියන්මාරයේ නියෝජ්‍ය තානාපතිනිය වෙත සංදේශයක් භාරදෙන ලදී.

එහිදී නියෝජ්‍ය තානාපතිනිය විසින් එම සංදේශය ඉතා ගෞරවයෙන් පිළිගත අතර මියන්මාරය වෙනුවෙන් දක්වන සහයෝගය පිළිබදව සිය ස්තුතිය ද පුද කළේය.

මෙම අවස්ථාවට ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ / බෞද්ධ තොරතුරු කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුලුගල්ලේ ජිනානන්ද ස්වාමීන්වහන්සේ සහ අමතධම්ම ස්වාමීන්වහන්සේ ඇතුලු ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ සංවිධනායේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකලාපය හෙලා දක්වමින් එහි ශ්‍රී ලංකා කාර්්‍යාලයට සංදේශයක් භාර දිම

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකලාපය හෙලා දක්වමින් එහි ශ්‍රී ලංකා කාර්්‍යාලයට සංදේශයක් භාර දිම

Gepostet von Lanka C Voice am Donnerstag, 19. Dezember 2019

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More