දේශීය පුවත්

ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට සියල්ලටම එකවර තිත  තැබීම කළ නොහැකි බවත්, ජාත්‍යන්තර මැදිහත්වීම මත කෙසේ හෝ ෆෙඩරල් විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ බලය බෙදීම සිදුකළ නොහැකි බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කර තිබෙන ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා –

‘‘උපරිම බලය  බෙදාහැරීමක් සහිත ෆෙඩරල් විස විසඳුමක් වෙනුවෙන් අපි බොහෝ පියවර ගෙන තිබෙනවා. එසේ තිබියදී ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සියල්ලටම එකවර තිත තැබීම කළ නොහැකිය. ජාත්‍යන්තර මැදිහත්වීම මත අපි කෙසේ හෝ ෆෙඩරල් විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන්නෙමු. ෆෙඩරල් විසඳුම්ක් ලබාගැනීම සඳහා වන අපගේ මාර්ගය ඉතා පැහැදිලිය. ඩඩ්ලි සේනානායක මහතාගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වාම මේ පිළිබඳව අපි සාකච්ඡා පවත්වනවා ඇත්තෙමු. එබැවින් අපි පියවර ගණනාවක් පසුකර පැමිණ තිබෙන්නේ ඒ සියල්ල ලියැවී තිබේ.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන එවකට නාධිපති මහින්ද රාජපක්ෂ මහතා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් සිදු කරන බව ප්‍රකාශ කර තිබුණි. දෙමළ ජනතාවගේ ඉරණම ඔවුන් විසින්ම තීරණය කළ හැකි වන පරිදි විසඳුමක් ලබා දෙන බව ඔහු ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව ෆෙඩරල් පාලනයක් සහිත  රටවල් පිළිබඳව අධ්‍යයනය සඳහා ඔහු විසින්ම කමිටුවක්ද පත්කොට තිබුණි.

එසේති තිබියදී අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සියල්ල එකවර ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නො නොමැත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග මෙරට බලය බෙදීම පිළිබඳ තිබෙන අවධානය හා බලපෑම වැඩි වී තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තරය මෙම කාරණය පිළිබඳ වඩාත් හොඳ  අවධානයකින්කින් පසු වේ. එබැවින් ජාත්‍යන්තරයේ සහයෝගය සහිත ෆෙඩරල් විසඳුම්ක් ලබා ගැනීමේ අපගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වන බල කිරීම අඛණ්ඩව සිදු කරනු ඇත. දෙමළ ජනතාවට විසඳුම්ක් ලැබෙන්නේ ෆෙඩරල් විසඳුමකින් පමණි.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More