දේශීය පුවත්

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ජයමල්ල වූ රුපියල් කෝටි දහහතරහමාරක මුදල රත්නපුර මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්තට හිමිවී තිබේ. මෙම ත්‍යාග මුදල හිමිවී ඇත්තේ ‘කෝටිපති කප්රුක’ ලොතරැයිපතටය. ත්‍යාගය පිළිබඳ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (18 වැනිදා) අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කෙරිණි.

ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩකවෙල අලෙවි නියෝජිත ආර්.පී. සෝමා ප්‍රියන්ති විසිනි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පැරණිතම ලොතරැයිපතක් වන ශනිදා වාසනාව ලොතරැයියේ 3267 වන වාරයේ සුපිරි ජයමල්ල ද හත් කෝටි දාහහත් ලක්ෂයක මුදල දිනාගත් හොරණ ප්‍රදේශයේ ඩී.කේ. කුමාර ද චෙක්පත් ප්‍රදානය එදිනම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජයග්‍රාහි ලොතරැයි පත අලෙවි කර ඇත්තේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කොළඹ අලෙවි නියෝජිත ටී.එන්.එස්. කුමාර විසිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More