දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යන බව කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කථානායකවරයා විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ,

පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ  පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් ලබාදුන් තීරණ මඟින්ද අවධාරණ කර ඇති බව 2015.03.03 දින 232/12 සහ 2015.04.21 දින  234/6 හැන්සාඩ් වාර්තා තුළින්  පැහැදිලි වේ.

වත්මන් කථානායක කරු ජයසුරිය මහතා විසින්ද මෙම සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත් කළ අතර සිය ධූර කාලය තුළ මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකවරයා දැනුවත් කළ යුතුය යන්න මත පිහිටා කටයුතු කර ඇත.

විශේෂයෙන්ම පසුගිය වසර 04 ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂය නියෝජනය කළ  පාර්ශවය රාජ්‍ය බලය ලබා ගත් සැනින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩ හැරීම විමතියට හා කණගාටුවට කරුණකි.

කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරිම රජයක පැහැරහල නොහැකි වගකීමක් වන අතර එහිදී නිතියට ගරු කිරිමට සියලු පුරවැසියන් බැඳි සිටින බවට කිසිදු විවාදයක් නොමැත.

නමුත් එහිදි  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රදාස සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරිම, ප්‍රජානත්ත්‍රවාදි පාලන ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරිමක්  පමණක් නොව එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක  භායානක පෙර නිමිත්තක් බවද පෙන්වා දෙමු.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More