ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය මාසයේ අතිකාල දීමනා වශයෙන් කෝටි 15කට වැඩියෙන් ගෙවා ඇතැයි වාර්තා වන බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කෝටි 15කට අධික විශාල මුදලක් අතිකාල වශයෙන් ගෙවා ඇති බවත්, අතිරික්ත සේවකයින් විශාල පිරිසකට රාජකාරි නොමැතිව නිකරුණේ සිටියදී එසේ ගෙවීම් කර ඇති බවට වාර්තා වන බවයි.
මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් සේවක සංඛ්‍යාවක් සිටියදීත් අවිධිමත්ව කළමනාකරණය කිරීම නිසා රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව පෙනී යන බව ද එම නිවේදනයේ සදහන් වේ.
එම නිසා මේ සම්බන්ධයෙන් සත්‍යතාවය පැහැදිලි කර ගැනීම සදහාත්, ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබදව තමන්ට හෙට (20) දිනට පෙර අදාළ වාර්තාව ලබාදෙන ලෙසට අමාත්‍යවරයා සාමාන්‍යාධිකාරිවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...