දේශීය පුවත්

“සපිරි ගමක්” ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සදහා කැබිනට් අනුමැතිය හිමිවීතිබේ.

මෙම වැඩසටහන 2020 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යමහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2020 වර්ෂය තුළදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මේ වැඩසටහන යටතේ, රට තුළ පිහිටි 14,021 ක් වූ සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් තුළ රුපියල් මිලියන 2 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ග්‍රාමීය පහසුකම් සංවර්ධනය කිරීම තුළින් රැකියා හා ජීවනෝපාය අවස්ථා වර්ධනය කිරීමත්, එමඟින් ග්‍රාමීය ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීමත් “සපිරි ගමක්” ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේඅරමුණු වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More