රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඒ අනුව විත්තිකාර මහනාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඊට අමතරව විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් වුණි.
නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායක මහතාට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...