දේශීය පුවත්

පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ දී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

එසේ විශ්‍රාම වැටුප අහිමි වන පිරිසෙන් 24ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර 34 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වෙති.

දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් 5 දෙනකුට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට ද විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමට වසර පහක නිල කාලයක් සපුරා තිබිය යුතුය.

2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඇතුළත් වන වත්මන් පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාලය ලබන වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැරී ඇති බලතල ප්‍රකාරව ලබන මාර්තු මස පළමුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් තීරණය කර ඇත.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගතවූ පසුවය.
ලබන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවොත් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රීවරුන් මෙසේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය

වරුණ ලියනගේ, මනෝජ් සිරිසේන, ඩී.බී. හේරත්, අංගජන් රාමනාදන්, මලිත් ජයතිලක, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, සාරති දුෂ්මන්ත, ඉන්දික අනුරුද්ධ, කාදර් මස්තාන්, කංචන විජේසේකර, නිමල් ලංසා, පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිරෝෂන් ප්‍රේමරත්න, සනත් නිශාන්ත, සිසිර ජයකොඩි, තාරක බාලසූරිය, උදය ගම්මන්පිල සහ විමලවීර දිසානායක.

එක්සත් ජාතික පක්ෂය
මොහොමඞ් ඉස්මයිල්, මොහොම්මදු නසීර්, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අරවින්ද කුමාර්, ආනන්ද අලුත්ගමගේ, අශෝක ප්‍රියන්ත, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චමින්ද විජේසිරි, චන්දිම ගමගේ, චතුර සේනාරත්න, දයා ගමගේ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතාරණගේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉම්රාන් මහරුෆ්, ඉෂාක් රහුමාන්, කරුණාරත්න පරණවිතාන, කවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක, මොහොමඞ් මන්සුර්, මුජුබර් රහුමන්, එම්. තිලකරාජා, නාලක කොලොන්නගේ, රෝහිණී කුමාරි විජේරත්න, එස්.එම්. මරික්කාර්, සන්දිත් සමරසිංහ, සිසිර කුමාර අබේසේකර, සුජිත් සංජය පෙරේරා, තුෂාර ඉඳුනිල්, වෛද්‍ය තුසිතා විජේමාන්න, එස්. වේලුකුමාර් සහ විජේපාල හෙට්ටිආරච්චි.

දෙමළ ජාතික සංධානය
ශාන්තිනී ස්කන්ධ රාජා, ඥානමුත්තු ශ්‍රීනේෂන්, චාල්ස් නිර්මලනාදන්, කේ. කෝඩිෂ්වරන්, වෛද්‍ය එස්. සිවමෝෂන් සහ එස්. වියලේන්ද්‍රන්,

ජනතා විමුක්ති පෙරමුණ
වෛද්‍ය නලින්ද ජයතිස්ස

Lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More