දේශීය පුවත්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක්
යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (19) මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය.

හිටපු අමාත්‍යවරයා ඊයේ (18) රාත්‍රීයේදී ඔහුගේ නිවසේදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.

====================================================================

පාඨලි යළි අධිකරණයට රැගෙන එයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.

රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පළායාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනාවට ලක්ව සිටිනවා.

ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා පොලීසියට ඊයේ (18) උපදෙස් දුන් අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැණුනේ ඊයේ පස්වරුවේදියි.

පසුව ඊයේ රාත්‍රියේම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර අද (19) දිනය දක්වා එහිදී ඔහුව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More