දේශීය පුවත්

ආන්දෝලනයට තුඩුදුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඞී.) විසුරුවා හරිමින් එහි රාජකාරි කළ නිලධාරීන් හතළිස් දෙදෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (18 වැනිදා) සිට වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මෙම ස්ථාන මාරු කිරීම් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සදහන් කරයි.

මහජන පැමිණිලි භාර ගැනීමකින් තොරව දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව විමර්ශන සිදු කළ බවට පසුගිය කාලයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බරපතළ චෝදනා එල්ල වෙමින් තිබිණි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන ස`දහා ලිපි ගොනු සකස් කෙරුණේ අරලියගහ මන්දිරයේදී බවට ද විවිධ පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබිණි.

ස්ථාන මාරු කරන ලද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 42 දෙනා කොළඹ ප‍්‍රදේශයේ පොලිසිවලට අනුයුක්ත කර ඇතැයිද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More